Tuesday, December 31, 2013

අලුත් අවුරුදු දා.. .. ..

















මගේ සුදු මැණික..
      අද අපේ ජීවිතයට නම් නම් තවත් එක දවසක් විතරයි.. එහෙම නැත්නම් අපිට ජීවත් වෙන්න තියෙන පොඩි කාලයෙන් තවත් පැය විසි හතරක් ..

මොනව උනත් අද මට විශේෂ දවසක්.. ඒ මගෙ සුදු මැණිකට තවත් පැතුමක් එක් කරන්න පුලුවන් නිසා..

ඉතින් මගෙ සුදු මැණික,, දවස් 365 ක පලවෙනි දවස,, එහෙම නැත්නම් 2014 ජනවාරි මාසෙ පලවෙනි දවස හා අදින් ඇරඹෙන මේ මුලු අවුරුද්දම මගේ සුදු මැණිකට,,

      * හිත පිරුණු සියලු සිතුම් පැතුම් ඉටුවෙන..
      * සතුට,, සැනසුම,, සෙනෙහස උතුරා යන..
      * නිරෝගී සුවය රැදුන,, රෝග දුක් පීඩා කරදර නැති..
      * හැමෝගෙම ආදරය,, කරුණාව,, හිතවත්කම ලැබෙන..
      *කිරියෙන් ,, පැනියෙන් ඉතිරෙන
      * සාර්ථක වූත්..
      * සුවබර වූත්..
      * ලෙන්ගතු වූත්..
      * යහපත් වූත්..
      * ආදරණීය වූත්..
      * හැඩකාර වූත්..
      * සුන්දර වූත්..

ලස්සනම ලස්සන,, වාසනාවන්ත,, අලුත් අවුරුදු දිනයක් හා අලුත් අවුරුද්දක් වේවා.. .. ..

මේ අලුත් අවුරුද්දට මගෙ සුදු මැණිකට පුංචි තෑග්ගක්.. මං paint  කරපු  T-shirt  එකක්..  මගෙ සුදු මැණිකට තෑගි දෙන්න මං අරගෙන paint  කලා.. ලස්සන නම් නෑ.. ඒත් මගෙ සුදු මැණිකට දෙන්නයි හැදුවෙ.. ඉතින් ගන්න.. .. ..

මං ගොඩාක් ම ආදරෙයි.. මගෙ සුදු මැණිකට තෙරුවණ් සරණයි.. .. ..  

වසරක අන්තිමදා.. .. ..



වීය නම් මගෙන් කරදර
සමා උන මැනවි පෙම්බර
මෙමා පෙම් බදින සුන්දර
හිත ගත් ලන්දු නෙත්සර..

ලියා නැහැ ගොඩාක් විස්තර
මෙහේ අද දිනට හැඩකර
නුඹේ සුදු සුරත පින්බර
ඕනි මට දිනක පැහැසර..

පුරා සිත හිදිමි පෙම්කර
කරා තව අකුරු මින්සර
සොරා මම සොයමි රූබර
මගේ සුදු මැණික ආදර..

Sunday, December 29, 2013

නුඹයි මගේ සිතුවිල්ල.. .. ..



විල් දිය සොදුරුයි තඹරු වටින්
වෙරලම සොදුරුයි හැපෙන රලින්
අහසම සොදුරුයි නැගුනු සදෙන්
සිතුවිලි සොදුරුයි පිරුනු නුඹෙන්

Saturday, December 28, 2013

සුදු මැණිකට ලියමි.. .. ..



අරුණැල්ලේ හිරු අඹරට එනවා
පත් අස්සේ පිණි වියැකී යනවා
නුඹ සොදුරේ සිත් අඹරට එනවා
නෙතු අස්සේ පිණි වියැකී යනවා..

වසන්තයේ මල් පල හැඩ වෙනවා
දිගන්තයේ හිත් කුල්මත් වෙනවා
නුඹ මහදේ තව තව හැඩ වෙනවා
විසි හතර පැයේ සිත පිරිලා යනවා..

Tuesday, December 24, 2013

සොබාදම හා මම.. .. ..



වලාකුළක් සුදු ගැන්වූ පැහැය මදි කියා
මල් පෙත්තේ හමා ඇදුනු සුවද මදි කියා
මද පවනේ රැදී තිබුනු සිසිල මදි කියා
සොබාදහම සෙව්වා නුඹ ලොවක් පීරලා..

සේද රොදේ සුවය බෙදූ පහස මදි කියා
තුරු මත්තේ පිපී දිලුන කුසුම් මදි කියා
රෑ අහසේ සද සාවිය එළිය මදි කියා
සොබාදම සෙව්වා නුඹ ලොවක් පීරලා..

තුටු පිරෙනා මට දුලභා කුමරි මගෙ කියා
නෙතු දකිනා හැම දසුනේ නුඹ මගේ කියා
හිත පුරනා හැම හීනේ සිනහ මගෙ කියා
මං පතනා සුදු මැණික මගේ ජීවිතේ වෙලා .. 

Sunday, December 22, 2013

මගේ ආදරය.. ..



තනි හිත ඉන්දවා
තෙතමනය නිති තියා
පොහොර තරමට දමා
ඉනි වැට වට බන්දා
සැමදා ඇස් යොමා
පැලවී දලු ලනා
තුරු බලා හිදිනා
මගේ ආදරය.. .. ..

මා මියෙන තුරා - ලග හිදිමි සදා.. .. ..



මීදුම් සලුව පසෙකින්
රවි කුමරු එබෙනවිට
පෑල දොර සයුරින්
රප්ත හිරු ගිලෙනවිට
තරු පොකුරු අතරින්
සද එළිය දිලෙනවිට
දිවි ගගුල දවසින්
දවස තව ගලනවිට
මගේ හිත් අහසින්
ලග හිදිමි නුඹව වට
පෙම් බදිමි මනසින්
සුදු මැණික මා ලොවට..

Thursday, December 19, 2013

ගමට යමුද රත්තරන්.. .. ..



වැවක දියවර අරන්
ඇල ගලයි හඩ නගන්
මහ හඩින් ජබු ගහන්
පීනමු ද රත්තරන්..

පැල ගොයම් හිනාවෙන්
මද පවන ලග ඉදන්
වෙල් යායෙ සීතලෙන්
ඇවිදිමු ද රත්තරන්..

හිරු අවර ගියාදෙන්
කලුවරත් වැටිත්දෙන්
කමතක දි මැද ඉදන්
සද බලමු රත්තරන්.. 

Thursday, December 12, 2013

සිහිනේ අද .. .. ..



ලගින් හිදලා
අතින් අල්ලා
ඇගිලි සිඹලා
කතා හදලා
නුඹට කියලා
සිනහ මවලා
ඇවිද ගියදා

Wednesday, December 11, 2013

නුඹ.. .. ..



සිහින පිරිලා
සදකි මැවිලා
නෙතින් බැදලා
හිතම පුරවා
තවත් සෙව්
තව තවත් සෙව්
මගේ ප්‍රේමය.. ..
හැමදාට ලියලා
හිතම දීලා
දුරට වීලා
බලා ඉන්නා
තවත් කල්
තව තවත් කල්
මගේ ප්‍රේමය.. ..

Tuesday, December 10, 2013

හීනයක් උනාට.. මට මාගෙ ලග..



මුදු සුගන්ධයක් ගෙනා
පෙම් වසන්තයක් මවා
මහදේ සැතපෙනා
මගේ.. මනමාලියයි ඔයා 

Sunday, December 8, 2013

හීන සිතුවිලි.. .. ..



නුදුරු ඉසව්වේ
සිහින කොදෙව්වේ
තණ කොළ බිස්සේ
නුඹ මා තුරුලේ..
ඉගිලෙන සියොතුන්
මල් සෙව් සමනල්
ඈතක තුරු හිස්
මේඝ යි සුදුවන්..
රටාම ඇන්දා
ගී පද ගැයුවා
ආසිරි පැතුවා
සිහිනෙන් දුටුවා..

Friday, December 6, 2013

පැතුම.. .. ..



සුදු නීල නෙතු දකින්නයි
තරු හීන මල් නෙලන්නයි
ස්වර සිත පුරා වයන්නයි
නුඹ ලගින් රැදී හිදින්නයි..

මල් පෙති මතින් හමන්නයි
මද පවනෙ විත් වෙලෙන්නයි
මුදු සිහින සේ දැනෙන්නයි
නුඹ සුවද නිති විදින්නයි.. 

නිල් ගැබ පුරා ලියන්නයි
දේ දුන්නෙ පාවි යන්නයි
සුදු මේඝ මත නිදන්නයි
නුඹ කර කාර බදින්නයි..

Wednesday, December 4, 2013

ජීවිතය.. .. ..



සොදුරු සිතුවම් තනා
කවි ද පදවැල් ගොතා
සිහින දහසක් මවා
සොයන සදවත ඔයා..

අරුණ ඇරඹුම වෙලා
දවල් දවසත් තමා
රැයේ මතකේ නිසා
සොයන පණනල ඔයා.. 

හැගුම් පරිණත වෙලා
මියුරු රහසක් සොයා
හිදිමි දිවියම බලා
සොයන මධුවිත ඔයා.. 

Tuesday, December 3, 2013

හිදිමි බලා.. මා මියෙන තුරා..



සොදුරු ලියා
දුරක කියා
බලමි මෙමා
සිහින මවා..

රුවට පුරා 
නුවන් අරා
වශී වෙලා
සොයමි ඔයා..

මගෙම වෙලා
පිපෙයි කියා
හිදිමි බලා
මියෙන තුරා.. .. ..

Sunday, December 1, 2013

ගම් පියසේ සිහින මැවේ.. .. ..



හැන්දෑවට නුඹත් එක්ක 
යන්න තිබුණ නම්
වෙල් යායේ නියර දිගේ
යන්න තිබුණ නම්
පිණි වැස්සේ තෙමී සතුට
යන්න තිබුණ නම්
වැව් දියවර ඇලට උඩින් 
යන්න තිබුණ නම්
ඇවිද ඇවිද ඔහේ ඇවිද
යන්න තිබුණ නම්
අත් පටලා සිනාසෙමින් 
යන්න තිබුණ නම්
දෙවැට දිගේ අඩි පාරේ
යන්න තිබුණ නම්
මද සුළගේ සිසිල කපා
යන්න තිබුණ නම්
ආදර බස් මුමුණ හෙමින් 
යන්න තිබුණ නම්
සියොත් ඉගිලි අහස යටින්
යන්න තිබුණ නම්
දේදුන්නක් පෙනෙන දුරින්
යන්න තිබුණ නම්
ලස්සන සුදු මැණික සමග
යන්න තිබුණ නම්.. .. ..

Saturday, November 30, 2013

සිනා මලක් රන්.. .. ..



සුදු මැණික පාට පාට සිනා මලක් රන්
හිත ගාව නැවතීල ගේන හීන මල්
නෙත ගාව නැවතීල ඉන්න එනව නම්
සුදූ පාට පාට පාට පිපෙයි මටත් මල්

Friday, November 29, 2013

තනුව වෙලා එන්න



හීන මවා
පාට කරමි
හිත ලියලා දුන්න..
සමනලියේ 
ප්‍රේම කරමි
සතුට මගේ වෙන්න..

ජීවිතයේ
පද ගලපමි
තනුව වෙලා එන්න..
ආදරියේ
නුඹට ලියමි
හුස්මත් අරගන්න..

Thursday, November 28, 2013

පාට කරමි මගේ හීන



සද පානේ
තරු අහසේ
පිණි බිංදු ගලා හැලේ..
හිත් මානේ
නුඹ පෑවේ
සිහිනෙන් මදහාසේ..

හිත දෙන්න සදවතිය
අත රැගෙන හිනැහෙන්න
ජීවිතයෙ 
දිගු ගමන
නුඹ හා ලගින්..
පෙම් කරමි
සුදු මැණික
නුඹ හා සිතින්.. 

Wednesday, November 27, 2013

සිහිනේ මං .. .. ..


දවසක් දා
අත් පටලා
හවසක
පිය මනිනා..
පොඩි කුඩයේ
මල් වැස්සේ
තුරුලේ
හිනැහෙමිනා..
සිහිනේ
මා ලදුනේ
මෙලෙසේ
පෙම් බදිනා.. 

Thursday, October 17, 2013

හුස්ම පොද වීය නුඹ.. මා සිහිනය.. ..

පාලුවෙන්
හරි පාලුවෙන්
මහවැලිය 
ගලාවී  පාලුවෙන්..
පාලුවෙන් 
හරි පාලුවෙන්
හන්තාන
හිදීවී පාලුවෙන්..
සෝ දුකින්
සෝ දුකින්
මා හද
වැලපේවී සෝ දුකින්..

සිහිනයට වැඩ ඉන්න 
රණ හංසියේ
පෙම් ගීය සරසන්න
සදවත මගේ
නුඹ ලොවම මට අයිති
නෑ දෙව්ලියේ
පෙම් හීන විද ගන්නෙ 
මං මේ ලෙසේ
මං ආදරෙයි කුමරියේ..
දිවි තෙක්ම
මං ආදරෙයි කුමරියේ..

Tuesday, October 15, 2013

ඉන්නට ආසයි සොදුරියේ.. රුව පෙනෙන දුරකම.. .. නුඹ ඇසෙන දුරකම.. ..

මද පවනේ
හමා ඇවිත් සිහිලැල්
වෙලෙනවා රහසින්
ඔබට ආදරෙයි මං..

සද එලියේ
ගලා ඇවිත් රන්වන්
එබෙනවා රහසින්
ඔබට ආදරෙයි මං..

මල් සුවදේ
එතී ඇවිත් මනරම්
රැදෙනවා රහසින් 
ඔබට ආදරෙයි මං.

Sunday, October 13, 2013

සම කරන්න බැහැ නුඹ මා කිසිම මලකට.. නුඹේ සුවද විහිදෙනවා දෙව් විමානයන්ට..

මල් පිපෙන 
මල් සමය
මල් පාර 
මල් සරන
මල් උයන 
මල් ඇදෙන
මල් රැගෙන 
ඇවිදින්න
එනවාද
මල් කැකුළ
මතු දිනක
මල් සමග
පිය මනින 
මල් හීන
මගෙ නොවන 
ඔය සුවද 
දැනෙයි මට
දුර ඉන්න
සුවද නැති
මල් අතර
යයි සුවද 
දස අතට
මල් හිතේ
අග රැජින
මගේ මල
සුදු මැණික.. .. .. 


Saturday, October 12, 2013

සුරගනක් දෝ.. නුඹ දෙව් දුවක් දෝ.. උමතු කරනා.. හිම කුමරියක් දෝ.. .. ..

හැගුම් ආකහෙන්
වලා තීරයෙන්
පැතුම් වැහැලා ගලා ගිහින් 
මල් යායකින්..
පෙමින් හිත දරන්
නුඹේ රුව මවන්
සිහින දැකලා මගේ හිතින් 
හරි ආදරෙන්..
සිතුම් ගොනු කලේ
වදන් තෙලි තුඩේ
නෙතම පිනන සදමයි
නුඹ කුමරියේ.. ..
සිහින මන විලේ
තියමි මම ලොවේ
උමතු කරන රුවමයි
නුඹ දෙව්ලියේ.. ..

Thursday, October 10, 2013

දිලෙන්න තාරකා මගේ පෙමින්.. ඇය ඉන්නෙ මට බොහෝ දුරින්.. ..

මල් තාරකා පුරා
ගී පද ලියා තියා
පෙම වදන් කලා
නුඹ නමින්  ලියා.. ..

දෝ මාල පුරවලා
එක ලගින් තියා
නුඹ දෙසම බලා
පෙම වයයි මෙදා.. .. 

නිල් ශ්වේත විහිදිලා
රතු එළිය හිනැහිලා
හැම පැහැය දී ගලා
මා පෙම කියයි සදා.. .. 

අමරණීය තාරකා
මුළු අහස ගයි වසා
රෑ සොදුරු වෙයි සදා 
මගෙ පෙමින් බලා.. .. 

Wednesday, October 9, 2013

ප්‍රේමිය නුඹගේ.. .. නිවහන තුසිතේ.. ..

ආදර දේදුණු
පාරට බරවුනු
පීදුනු රොන්සුනු
සුලගේ මුසුවුනු
වසන්තයක් දෝ පැතිරෙන්නේ
නෑ.. .. සුදු මැණිකයි හිනැහෙන්නේ.. .. ..

මල්සේ සමවුනු
සදවත රූසිරු
මිණිසේ දිස්වුනු
නෙතුවේ බැබලුනු
දෙව්දුව වැඩලා මනුලෝකේ
නෑ.. ..සුදු මැණිකයි ඔය යන්නේ.. .. ..

Monday, October 7, 2013

නිකිණි මහේ ආ.. වස්සානය.. ..

දෙපා පිය මැන
සෙවනැල්ල හා මම
සමිදු අබියස 
වීය නුඹගෙම..

හිතම පෙර දින
නුඹයි මගෙ පෙම
සමිදු අබියස
වීය නුඹගෙම..

දිවිය අද දින
නුඹයි මගෙ පෙම
සමිදු අබියස 
වීය නුඹගෙම..

ඇති තුරා පණ
නුඹයි මගෙ පෙම
සමිදු අබියස
වීය නුඹගෙම.. .. ..




Sunday, October 6, 2013

කෙටි කතාව..

" අපූරු ආදරය.. " 


එක කොල්ලෙක් හිටියා.. නම ප්‍රසාද්,, මහනුවර ප්‍රධාන පෙලේ පාසලක තමා ඉගෙන ගන්නෙ.. 
එයා ප්‍රසාදිනි කියලා ලස්සනම ලස්සන කෙල්ලෙක්ට ආදරය කරන්න පටන් ගත්තා.. 
වැඩේ නම් හරි ගියේ නෑ.. හැබැයි මනුස්සයත් අතෑරියේ නෑ.. කෙල්ල අන්තිමට ගෙදරින් ගෙනාපු  යෝජනාවකට කැමති උනා.. ප්‍රසාද් එත් ඇතෑරියේ නෑ..
දැන් ප්‍රසාද් ට ප්‍රසාදිනී නැතුවම බැරිලූ.. කෙල්ලව අමතක කරන්නම බැරිලු.. වෙන කිසිම කෙනෙක් ඕනිම නැතිලු..

ප්‍රසාද් ගෙ ජීවිතේ ආදරය සම්බන්දයෙන් මාවත් දෙකක් තියෙනවාලු.. 
එක,, මේ ආදරේ කරන ප්‍රසාදිනී එක්ක කවදා හරි එකට ජීවත් වෙන එක..
දෙක,, තනියම ජීවත් වෙන එක..
ඔය දෙකෙන් එකක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ප්‍රසාද් ට ඕනත් නැහැ.. කරන්නෙත් නැහැලු..

දවසක් මනුස්සයට හිතෙනවා අර කෙල්ල ප්‍රසාදිනී ව කසාද බදින්න.. එක වචනයක් වත් කතා කරන්නෙ නැති,, ලේසියකට දකින්න නැති,, කිසිම ගනු දෙනුවක් නැති.. ගෙදරින් යෝජනා කරපු කොල්ලෙක් ඉන්න ප්‍රසාදිනී ව කසාද බදින්න..
ඒක හරි පුදුමයි.. මනුස්සයා දවසක් මේ විදියට ප්‍රසාදිනී ව කසාද බදිනවා..

ප්‍රසාද් වැඩිපුරම ගරු කරන පුද්ගලයා ලගට ගිහින් පොරොන්දු වෙලා.. තනියම ගිහින් පොරොන්දු වෙලා.. ඒ අපෙ නුවර දළදා මාලිගාවට ගිහින් දළදා හාමුදුරුවන්ට නිල් මානෙල් මල් පූජා කරලා ලොකූම ලොකු පොරොන්දුවක් වෙලා.. ඉතින් ප්‍රසාද් තනියම ගිහින් තනියම කසාද බැදලා.. ඇත්තටම මේක අහපු ගමන් හිනා යන විහිලුවක් වගේ.. ඒත් ඇත්ත ඊට වඩා ගැඹුරුයි.. ප්‍රසාද් ට වෙන කිසිම කෙනෙක් ඕනි නැහැ.. කවදාවත් ම ඕනි නැහැ.. තව අපෙ ප්‍රසාද් ට ප්‍රසාදිනී ව හිතින් සිප ගන්නත් ඕනෙ .. ඒ ඔක්කම හරියන්න ප්‍රසාද් කසාද බදිනවා.. දැන් ප්‍රසාද් ට හිතින් සිප ගන්නත් පුලුවන්.. මොකද ප්‍රසාද් කසාද බැදලනෙ.. දැන් එයා ආදරේ කරනවා.. ..

ප්‍රසාද් ගෙ ආදරෙත් මහ පුදුම දෙයක්.. හැබැයි ඒකට ප්‍රසාදිනී ගෙත් විශේෂත්වයක් තියෙනවා.. ප්‍රසාදිනී ගෙ ලස්සනට තමා ප්‍රසාද් මෙච්චර පිස්සු වැටිලා ඉන්නෙ..
කොහම හරි ඒක තමා මේ අපූරු ආදර කතාව..

ආ.. .. තව එක දෙයක්.. ප්‍රසාද් පස්සෙන් වලත්ත,, පාදඩ,, ජරා,, කෙල්ලො කියලා පොඩ්ඩක් හිතන්න පුලුවන් එවුන් ටිකක් ඇවිත් කරදර කරනවාලු.. පාඩුවේ ඉන්නම නැහැ.. පවු ප්‍රසාද්.. පන්ති වල හරියට ඉගෙන ගන්නවත් නැහැලු.. 
දවසක් ප්‍රසාද් උන් ඔක්කටම මෙහෙම හයියෙන් කෑගහනවා..
     "" මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි.. කසාද බැදපු මිනිසුන් ට පාඩුවේ ඉන්න දීලා.. 
         ඔය තනියම ඉන්න කොල්ලෙක්ව අල්ලගෙන මකබෑවිලා පලයව්කො බැල්ලියනේ.. 
         ඔය ලංකාවෙ ඕන තරම් කොල්ලො ඉන්නෙ,, හොයාගනිව්කො එකෙක්,, නිකන් පව් 
         නොදී.. .. ..  ""
      

( සත්ය සිදුවීමක් ඇසුරිනි.. නම් ගම් මනඃකල්පිතයි.. )

Friday, October 4, 2013

නොමියෙන සිහිනය..

පෙම් හී නොම ගියාට මල්සරා
නුඹ තමයි
මගෙ තමයි
හිතින් මං නුඹේ ප්‍රේමවන්තයා..

සද වතයි දිලෙන්නෙ අහසක
මගෙ සදයි
පෙම තමයි
හිතින් මං නුඹේ ප්‍රේමවන්තයා..

දුරින් අන්සතු උනාට අප්සරා
මා ලොවයි
සිහිනයයි
හිතින් මං නුඹේ ප්‍රෙමවන්තයා.. .. .. 

සුරංගනාවිට ලියමි..

සුදු මැණික දන්නෙ නෑ
මම හඩනු දැකලා නෑ
නෙතු නින්ද එන්නෙ නෑ
නෑ.. .. නෑ.. .. දන්නෙ නෑ..

සුදු මැණික දන්නෙ නෑ
මේ පෙම හැදින්නෙ නෑ
මගෙ හීන දුටුවෙ නෑ
නෑ.. .. නෑ.. .. දුටුවෙ නෑ..

සුදු මැණික දන්නෙ නෑ
දිවි තුරා යන්නෙ නෑ
නුඹ දමා යන්නෙ නෑ
නෑ.. .. නෑ.. .. යන්නෙ නෑ..

Wednesday, October 2, 2013

New year wish.. especially made for සුදු මැණික.. 2013 - 01 - 01







සුදු මැණිකගෙ උපන් දින සුභ පැතුම.. 2012 - 07 - 03