Thursday, July 3, 2014

හැම වසරට සොඳුරුම දින - සුභම සුභ උපන් දිනයක් වේවා මගෙ සුදු මැණිකට.. .. ..






































රැයක අහසේ තරු නෙලා
හමන සිහිලේ ගෙන වෙලා
පතමි සොදුරේ ලං වෙලා
සුභම උපතේ දින කියා

පිපුණ කුසුමේ පැර දෙනා
සුවද දසතේ හැම ගලා
නුඹගෙ කොපුලේ හිනැ හිලා
සිනහ ඉතිරේ දිවි පුරා

පැතුම් වැපිරේ විහි දිලා
වැඩෙයි පදුරේ පැල වෙලා
මඩින කමතේ බැත ලෙසා
සපල ගෙනදේ බෝ වෙලා

සිතුම් අහසේ හිරු ලෙසා
එළිය ගෙනදේ ඉටු වෙලා
නිබද අරුණේ එන ලෙසා
සැවොම ඉටුවේ සිතු ලෙසා

දිනක නොසිදේ සමු දුරා
දවස දවසේ තිර වෙනා
ලෙසට නුඹගේ ලොව වටා
සතුට නිතිවේ පිබි දිලා

සිතෙහි හැමදේ නුඹ නිසා
සතුට සෙනෙහේ ගෙන තියා
ලියමි මිහිරේ සුභ පතා
සුභම උපතේ දින කියා..

0 comments:

Post a Comment