Saturday, April 30, 2016

.. මා රන් දෙතොල මත සිඹිනට බැරිද..

මීදුම් බතල ගල මුදුනට
නොවඩීද
පෑවුම් නිතර තුර කතරට
නැතිවේද
නෑඹුල් සුවද වැහි පොලවට
නොගෙනේද
පීදුම් සිනහා මුව අගකට
නුඹ නොවෙද..


මාලුන් ගලන දියෙ පහලට
හිගවේද
සාවුන් තනන ගෙයි කැලයට
නැතිවේද
කෝලම් කරන හිරු අරුණට
නිදියයිද
ආලෙන් ලියන කවි මැණිකට
නොවෙද..


දෑසින් දෑස යලි දකිනට
නැත්තේ නැතිද
නෑකම් හැම තනන දිනයට
තව බෝ දුරද
ගී නම් පද ලිය ලියා ඉන්නට
වෙයිද
මා රන් දෙතොල මත සිඹිනට
බැරිද.. .. ..


0 comments:

Post a Comment