Sunday, October 6, 2013

කෙටි කතාව..

" අපූරු ආදරය.. " 


එක කොල්ලෙක් හිටියා.. නම ප්‍රසාද්,, මහනුවර ප්‍රධාන පෙලේ පාසලක තමා ඉගෙන ගන්නෙ.. 
එයා ප්‍රසාදිනි කියලා ලස්සනම ලස්සන කෙල්ලෙක්ට ආදරය කරන්න පටන් ගත්තා.. 
වැඩේ නම් හරි ගියේ නෑ.. හැබැයි මනුස්සයත් අතෑරියේ නෑ.. කෙල්ල අන්තිමට ගෙදරින් ගෙනාපු  යෝජනාවකට කැමති උනා.. ප්‍රසාද් එත් ඇතෑරියේ නෑ..
දැන් ප්‍රසාද් ට ප්‍රසාදිනී නැතුවම බැරිලූ.. කෙල්ලව අමතක කරන්නම බැරිලු.. වෙන කිසිම කෙනෙක් ඕනිම නැතිලු..

ප්‍රසාද් ගෙ ජීවිතේ ආදරය සම්බන්දයෙන් මාවත් දෙකක් තියෙනවාලු.. 
එක,, මේ ආදරේ කරන ප්‍රසාදිනී එක්ක කවදා හරි එකට ජීවත් වෙන එක..
දෙක,, තනියම ජීවත් වෙන එක..
ඔය දෙකෙන් එකක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ප්‍රසාද් ට ඕනත් නැහැ.. කරන්නෙත් නැහැලු..

දවසක් මනුස්සයට හිතෙනවා අර කෙල්ල ප්‍රසාදිනී ව කසාද බදින්න.. එක වචනයක් වත් කතා කරන්නෙ නැති,, ලේසියකට දකින්න නැති,, කිසිම ගනු දෙනුවක් නැති.. ගෙදරින් යෝජනා කරපු කොල්ලෙක් ඉන්න ප්‍රසාදිනී ව කසාද බදින්න..
ඒක හරි පුදුමයි.. මනුස්සයා දවසක් මේ විදියට ප්‍රසාදිනී ව කසාද බදිනවා..

ප්‍රසාද් වැඩිපුරම ගරු කරන පුද්ගලයා ලගට ගිහින් පොරොන්දු වෙලා.. තනියම ගිහින් පොරොන්දු වෙලා.. ඒ අපෙ නුවර දළදා මාලිගාවට ගිහින් දළදා හාමුදුරුවන්ට නිල් මානෙල් මල් පූජා කරලා ලොකූම ලොකු පොරොන්දුවක් වෙලා.. ඉතින් ප්‍රසාද් තනියම ගිහින් තනියම කසාද බැදලා.. ඇත්තටම මේක අහපු ගමන් හිනා යන විහිලුවක් වගේ.. ඒත් ඇත්ත ඊට වඩා ගැඹුරුයි.. ප්‍රසාද් ට වෙන කිසිම කෙනෙක් ඕනි නැහැ.. කවදාවත් ම ඕනි නැහැ.. තව අපෙ ප්‍රසාද් ට ප්‍රසාදිනී ව හිතින් සිප ගන්නත් ඕනෙ .. ඒ ඔක්කම හරියන්න ප්‍රසාද් කසාද බදිනවා.. දැන් ප්‍රසාද් ට හිතින් සිප ගන්නත් පුලුවන්.. මොකද ප්‍රසාද් කසාද බැදලනෙ.. දැන් එයා ආදරේ කරනවා.. ..

ප්‍රසාද් ගෙ ආදරෙත් මහ පුදුම දෙයක්.. හැබැයි ඒකට ප්‍රසාදිනී ගෙත් විශේෂත්වයක් තියෙනවා.. ප්‍රසාදිනී ගෙ ලස්සනට තමා ප්‍රසාද් මෙච්චර පිස්සු වැටිලා ඉන්නෙ..
කොහම හරි ඒක තමා මේ අපූරු ආදර කතාව..

ආ.. .. තව එක දෙයක්.. ප්‍රසාද් පස්සෙන් වලත්ත,, පාදඩ,, ජරා,, කෙල්ලො කියලා පොඩ්ඩක් හිතන්න පුලුවන් එවුන් ටිකක් ඇවිත් කරදර කරනවාලු.. පාඩුවේ ඉන්නම නැහැ.. පවු ප්‍රසාද්.. පන්ති වල හරියට ඉගෙන ගන්නවත් නැහැලු.. 
දවසක් ප්‍රසාද් උන් ඔක්කටම මෙහෙම හයියෙන් කෑගහනවා..
     "" මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි.. කසාද බැදපු මිනිසුන් ට පාඩුවේ ඉන්න දීලා.. 
         ඔය තනියම ඉන්න කොල්ලෙක්ව අල්ලගෙන මකබෑවිලා පලයව්කො බැල්ලියනේ.. 
         ඔය ලංකාවෙ ඕන තරම් කොල්ලො ඉන්නෙ,, හොයාගනිව්කො එකෙක්,, නිකන් පව් 
         නොදී.. .. ..  ""
      

( සත්ය සිදුවීමක් ඇසුරිනි.. නම් ගම් මනඃකල්පිතයි.. )

0 comments:

Post a Comment