Tuesday, December 31, 2013

වසරක අන්තිමදා.. .. ..



වීය නම් මගෙන් කරදර
සමා උන මැනවි පෙම්බර
මෙමා පෙම් බදින සුන්දර
හිත ගත් ලන්දු නෙත්සර..

ලියා නැහැ ගොඩාක් විස්තර
මෙහේ අද දිනට හැඩකර
නුඹේ සුදු සුරත පින්බර
ඕනි මට දිනක පැහැසර..

පුරා සිත හිදිමි පෙම්කර
කරා තව අකුරු මින්සර
සොරා මම සොයමි රූබර
මගේ සුදු මැණික ආදර..

0 comments:

Post a Comment