වලාකුළක් සුදු ගැන්වූ පැහැය මදි කියා
මල් පෙත්තේ හමා ඇදුනු සුවද මදි කියා
මද පවනේ රැදී තිබුනු සිසිල මදි කියා
සොබාදහම සෙව්වා නුඹ ලොවක් පීරලා..
සේද රොදේ සුවය බෙදූ පහස මදි කියා
තුරු මත්තේ පිපී දිලුන කුසුම් මදි කියා
රෑ අහසේ සද සාවිය එළිය මදි කියා
සොබාදම සෙව්වා නුඹ ලොවක් පීරලා..
තුටු පිරෙනා මට දුලභා කුමරි මගෙ කියා
නෙතු දකිනා හැම දසුනේ නුඹ මගේ කියා
හිත පුරනා හැම හීනේ සිනහ මගෙ කියා
මං පතනා සුදු මැණික මගේ ජීවිතේ වෙලා ..
0 comments:
Post a Comment