සදලු තලෙක නුඹ ඉන්නා
මුතු වරුසා මැද දිලෙනා
කුමරී මා ලස්සන බෙදනා
අත ගන්නට මම සිතිනා..
ඔය හිතටම වහ වැටිලා
හැම දිනකම මග බලනා
හිමිහිට පෙම් වැහි තනනා
මල් වැහි ලෙස වස්සවනා..
සිහින මැවෙන නුඹ හින්දා
''අපි'' ලෙස සිහිනෙම ඉන්නා
මතුදා නුඹ මගෙ වෙන්නා
තරමට මට ඔය නෙතු ඕනා..
උපදින තුරු පෙම් බදිනා
සොදුරුම මගෙ අත ඕනා
නෑ කිසිවක් සිහින වෙනා
මගෙ සුදු මැණිකයි ඕනා..
0 comments:
Post a Comment