හීනයම තමයි
දිව රෑ දකින
නුඹ මගේ
ගීතයම තමයි
සැමදා ලියන
නුඹ මගේ
සිතුවම තමයි
තුඩැගිලි අඳින
නුඹ මගේ
මුළු ලොවම තමයි
පෙම් බදින
නුඹ මගේ.. .. ..
සිතුවිලිම තමයි
නොසැලී වැඩෙන
නුඹ මගේ
සැනසිලිම තමයි
සිත සොයන
නුඹ මගේ
හසරැලිම තමයි
මට තිබෙන
නුඹ මගේ
මුලු ලොවම තමයි
පෙම් බදින
නුඹ මගේ.. .. ..
සුවදක්ම තමයි
දසතට හමන
නුඹ මගේ
පවනක්ම තමයි
සීතල රදන
නුඹ මගේ
ගගුලක්ම තමයි
ලස්සන ගලන
නුඹ මගේ
මුලු ලොවම තමයි
පෙම් බදින
නුඹ මගේ.. .. ..
0 comments:
Post a Comment