Monday, March 10, 2014

නුඹට එන්න ලිව්වා..



වසත් සමය කිව්වා
මල් වහිනවා කිව්වා
මලින් සුවද පෙති සිප හිනැහෙන්නට
නුඹට එන්න ලිව්වා..

හිරු ගිලෙනවා කිව්වා
වෙරල තනිව කිව්වා
සවස් කලට නිති රල මත යන්නට
නුඹට එන්න ලිව්වා..

සද එබෙනවා කිව්වා
තරු පිපෙනවා කිව්වා
සීත ලෙසට වැටි පිණි අහුලන්නට
නුඹට එන්න ලිව්වා.. 

0 comments:

Post a Comment