Friday, March 14, 2014

ලඟ ලඟම හිදිනවා..



ක්ෂිතිජ ඉමේ
මහ සයුරට අහස ලැබෙනවා
ලඟ ලඟම හිදිනවා..
දුර නැවුමේ
රේල් පීලි හාදු ගන්නවා
ලඟ ලඟම හිදිනවා..
සිහින බිමේ
අප දෙදෙනා ආල බදිනවා
ලඟ ලඟම හිදිනවා..
පෙම් බැදුමේ
සිත ආදර රටා ගෙනෙනවා
ලඟ ලඟම හිදිනවා..
මුතු කුසුමේ
මා නුඹ වට ලොවක් තනනවා
ලඟ ලඟම හිදිනවා.. .. .. 

0 comments:

Post a Comment