Monday, March 17, 2014

හීනයක් ලියන්නම්.. ආදරෙයි කියන්නම්..



සුළං පොදක් වෙන්නම්
නුඹ ලගට එන්නම්
මගෙ සොදුරු නෙතු
හිතම ලෙන්ගතු
වශි වී ඉන්නම්..

වලා කුලක් වෙන්නම්
මල් වැහිත් ගෙනෙන්නම්
වැටෙන පිණි බිඳු
ඇගිලි මත තුඩු
සිප ගලා යන්නම්..

පා පිසින වෙන්නම්
යනෙන මග ඉන්නම්
මැණික සුදු මුදු
රකිමි නිරතුරු
දිවි පුදා බලා ගන්නම්..

0 comments:

Post a Comment