Saturday, March 29, 2014

නෙතු ලගම නවතින්න.. මගෙ සොදුරු සිත දෙන්න..



රෝස රෝස රොබරෝසිය
කොල හලලා අතු පුරවා
හිතුනා මට නුඹත් එක්ක
ලස්සන විදගන්න
අතු පිරි මල් කැකුලි එක්ක
උදයක තනිවෙන්න.. ..

රෝස රෝස රොබරෝසිය
මල් වැටිලා බිම පිපිලා
හිතුනා මට නුඹත් එක්ක
මල් වට ඇවිදින්න
මල් මත කැකුලියත් එක්ක
හවසක තනිවෙන්න.. ..

Thursday, March 27, 2014

..දෙව් ලොවෙන් වැඩි - මගේ කැලුම් පෙති..



සුරංගනාවියක් සිටින්නා
නෙත් කැලුම් දුර ගලන්නා
මම දුර ඈතකම හිදින්නා
පිපි සිනා සුව සොයන්නා..

සදෙව් සිනහ මල් ගෙනල්ලා
දසතක් පුරාවට සුවද ඉහලා
මට සොරා ගන්නටම හිතිලා
කල් ගෙවමි මා කැලුම් මවලා..

නුබ ගැබක් පුරා සරලා
පෙති කැලුම් එකතු කරලා
පෙම් හුයට හැම පලන්දාලා
බදිමි සිත වට සිනහ මාලා..

Tuesday, March 25, 2014

..දෙනවද දෑතම ලියලා..



සදලු තලෙක නුඹ ඉන්නා
මුතු වරුසා මැද දිලෙනා
කුමරී මා ලස්සන බෙදනා
අත ගන්නට මම සිතිනා..

ඔය හිතටම වහ වැටිලා
හැම දිනකම මග බලනා
හිමිහිට පෙම් වැහි තනනා
මල් වැහි ලෙස වස්සවනා..

සිහින මැවෙන නුඹ හින්දා
''අපි'' ලෙස සිහිනෙම ඉන්නා
මතුදා නුඹ මගෙ වෙන්නා
තරමට මට ඔය නෙතු ඕනා..

උපදින තුරු පෙම් බදිනා
සොදුරුම මගෙ අත ඕනා
නෑ කිසිවක් සිහින වෙනා
මගෙ සුදු මැණිකයි ඕනා..

Sunday, March 23, 2014

හිත් මල නුඹ නමින් පිපේ..



මීදුම් ගගකි
අලුයම ගලනා
අහස් කුසේ
සීතල දියකි
ගගමැද පිරිලා
රෑ අහසේ
ආදර විලකි
උල්පත උනනා
මා මනසේ
විල වට මලකි
නිතියම පිපිලා
සුවද මෙසේ.. .. ..

Saturday, March 22, 2014

දවස..



වලා පට මකමින්
පුරා සද නැගෙමින්
හිතක එම විලෙසින්
සතුට මල පිපුනෙන්
රැයේ පෙර සිහිනෙන්
මගේ සද දැකුමෙන්
දිවා කල යහමින්
ගෙවේ සිනහ කැල්මෙන්..

Friday, March 21, 2014

සිහිනයට එන්න..



තරු මල් පිපිලා
පෙර රෑ තිස්සෙම
හිත් ගැබ පිරිලා
නුඹ ගැන හිතලම
සිහිනෙන් පෙනිලා
ලස්සන මැණිකම
තවම හොයනවා
නෙතු යුග නින්දෙම..

Monday, March 17, 2014

හීනයක් ලියන්නම්.. ආදරෙයි කියන්නම්..



සුළං පොදක් වෙන්නම්
නුඹ ලගට එන්නම්
මගෙ සොදුරු නෙතු
හිතම ලෙන්ගතු
වශි වී ඉන්නම්..

වලා කුලක් වෙන්නම්
මල් වැහිත් ගෙනෙන්නම්
වැටෙන පිණි බිඳු
ඇගිලි මත තුඩු
සිප ගලා යන්නම්..

පා පිසින වෙන්නම්
යනෙන මග ඉන්නම්
මැණික සුදු මුදු
රකිමි නිරතුරු
දිවි පුදා බලා ගන්නම්..

Sunday, March 16, 2014

කෙසේ නම් කියම්දෝ ඔය ලස්සන.. .. ..



කීවා
සුළග මට කීවා
නුඹ ලගින් සුවද ගෙන
මල් සුවද කරන බැව්
කීවා..

කීවා
සද එලිය කීවා
නුඹ වතින් කැලුම් ගෙන
සද එලිය ගලන බැව්
කීවා..

කීවා
මුතු පබලු කීවා
නුඹ නෙතින් දිලුම් ගෙන
මුතු පබලු දිලෙන බැව්
කීවා..

Saturday, March 15, 2014

සුදු මැණික නුඹ මගේ.. .. ..




හීනයම තමයි
දිව රෑ දකින
නුඹ මගේ
ගීතයම තමයි
සැමදා ලියන
නුඹ මගේ
සිතුවම තමයි
තුඩැගිලි අඳින
නුඹ මගේ
මුළු ලොවම  තමයි
පෙම් බදින
නුඹ මගේ.. .. ..

සිතුවිලිම තමයි
නොසැලී වැඩෙන
නුඹ මගේ
සැනසිලිම තමයි
සිත සොයන
නුඹ මගේ
හසරැලිම තමයි
මට තිබෙන
නුඹ මගේ
මුලු ලොවම තමයි
පෙම් බදින
නුඹ මගේ.. .. ..

සුවදක්ම තමයි
දසතට හමන
නුඹ මගේ
පවනක්ම තමයි
සීතල රදන
නුඹ මගේ
ගගුලක්ම තමයි
ලස්සන ගලන
නුඹ මගේ
මුලු ලොවම තමයි
පෙම් බදින
නුඹ මගේ.. .. ..

Friday, March 14, 2014

ලඟ ලඟම හිදිනවා..



ක්ෂිතිජ ඉමේ
මහ සයුරට අහස ලැබෙනවා
ලඟ ලඟම හිදිනවා..
දුර නැවුමේ
රේල් පීලි හාදු ගන්නවා
ලඟ ලඟම හිදිනවා..
සිහින බිමේ
අප දෙදෙනා ආල බදිනවා
ලඟ ලඟම හිදිනවා..
පෙම් බැදුමේ
සිත ආදර රටා ගෙනෙනවා
ලඟ ලඟම හිදිනවා..
මුතු කුසුමේ
මා නුඹ වට ලොවක් තනනවා
ලඟ ලඟම හිදිනවා.. .. .. 

Thursday, March 13, 2014

සද රැය..



වලා පෙළම
සද එලියේ නැහැ උනාවේ
මගේ හිතම
නුඹ මතකේ දැල් උනාවේ..

කලා රැසම
සද සාවිගෙ දැන් වලාවේ
හිතේ බැඳුම
සතුටේ මල් තව නෙලාවේ..

රැයේ පිරුම
හිත පෙම් කවි ලියාවේ
මැණික සුදුම
සිහිනෙන් මට ලං උනාවේ..

Monday, March 10, 2014

නුඹට එන්න ලිව්වා..



වසත් සමය කිව්වා
මල් වහිනවා කිව්වා
මලින් සුවද පෙති සිප හිනැහෙන්නට
නුඹට එන්න ලිව්වා..

හිරු ගිලෙනවා කිව්වා
වෙරල තනිව කිව්වා
සවස් කලට නිති රල මත යන්නට
නුඹට එන්න ලිව්වා..

සද එබෙනවා කිව්වා
තරු පිපෙනවා කිව්වා
සීත ලෙසට වැටි පිණි අහුලන්නට
නුඹට එන්න ලිව්වා.. 

Saturday, March 8, 2014

උපන් දින..



මගෙ අම්ම කියන විදියට ඇත්තටම මම ඉපදුනේ 1988 03 03 වෙනිද ලු.. ඒ උනාට මොකක් හරි අතපසු වීමක් හින්ද birth certificate  තියන්නෙ 1988 03 04 කියල.. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවේ ඉතින්.. පොඩි කාලෙ ඉදලම,, මගෙ හැම වැඩකටම උපන් දිනය උනේ 1988 03 04.. හැබැයි අම්මයි අක්කලයි මාර්තු 03 වෙනිදට සුභ පතනව..

කතාව ඒකම නෙවෙයි.. මගෙ සුදු මැණිකගෙ උපන් දිනය 1988 07 03 නෙ.. සුදු මැණිකට උපන් දින ගොඩකට wish  කලත්,, අපි දෙන්නගෙ birthday  වල සමාන කමක් තියනව කියල මට හිතුනෙ මේ ලගදි..

ඉතින් මං හිතුවා වෙනස් කරන්නම බැරි තැන් ඇරෙන්න,, අනිත් හැම තැනකදිම මගෙ දැනට ලියල තියන birthday වෙනස් කරන්න,, උපන් දිනය 1988 03 03 කියල ලියන්න.. මේක දැක්ක ගමන් ඕන කෙනෙක්ට හිතෙන්න පුලුවන් බොළද අදහසක් කියල.. හරි වෙන්න පුලුවන්.. මොනා උනත් මට ඕනි මගෙ සුදු මැණිකගෙ විදියට වෙන්න.. ඉතින් දැන් අපි දෙන්නටම එක වගේ birthday නෙ තියෙන්නෙ.. අනික මං බොරුවකුත් නෙවෙයිනෙ කරන්නෙ..

මේක තමා ඉතින් මගෙ කතාව.. 

Friday, March 7, 2014

ආදර සුළග..



විසිහතරක පැයක් පුරා
මුලු හිත් අහසක්ම වසා
හැමදාමත් හමා ඇවිත්
කදුලක හිද හිනැහෙන්නට
නැලවීලා සැනසෙන්නට
මියෙන තුරා හැමදාමත්
මේ හිත මග බලමි හෙටත්
පාවීලා හමා යන්න..
සුළගේ නුඹ එන්න.. 

Saturday, March 1, 2014

නුඹ මගේ කියාලා සොදුරේ..



තාරුකා කැකුළු අතරට
සේද සද වතුර ගලලම
සීත මල් පිණි පොලවට
ගලන වෙලාවේ..
සිහින සිතුවිලී මනසට
ප්‍රේම වැහි වැටී තිස්සෙම
බෝම මල් තව අහසට
පිපෙන වෙලාවේ..
නුඹ මගේ කියලා සොදුරේ.. ..
ආදර කවි ලියමි සිනාවේ.. ..