Wednesday, January 1, 2014

අලුත් අවුරුද්ද.. .. ..








නොහැකි විය වදන් පවසාලා
සිතක පෙම් හැගුම් හිරවීලා
නුඹට සුභ සදැස් ලියවීලා
කරමි මගෙ පැතුම් සරසාලා..

සෝක දුක් කදුලු දුරුවීලා
සෙනෙහෙ සැන සුමද තිරවීලා
නිබද නෙත මුවග සැරසීලා
මගේ සුදු මැණික හිනැහීලා..

සිනහ මල් කැකුලු ලංවීලා
සතුට හිත් පොඩියෙ ගුලිවීලා
සිතුම් පැතූ හනික ඉටුවීලා
නුඹට නව වසර හරියාලා..

ඉන්න සුදු මැණික තුටුවීලා
මගේ මුලු ලොවම නුඹ වීලා
නෙතට ගෙන හසර සිහිකරලා
දකිමි පෙම් සිහින තව මවලා.. 

2 comments:

Unknown said...

mata ochachara love karana
kellawa balanna asai

Unknown said...

sorry Pulasthi ,, බ්ලොග් එකට photo දාන එක සුදු මැණිකට හරි නෑනෙ.. .. ..

Post a Comment