නොපෙනෙන ලෙසින් මීදුම් කදු ඇද වැටුනයි
නැලැවෙන වෙසින් මහවැලියත් දිය දුන්නයි
සෙලවෙන නදින් හන්තානට මද පවනයි
ලියවෙන ලෙසින් සරසවියට රස තිබුනයි..
කඩොලන ලගින් ඒටිය පහලින් යන්නයි
ගල්කණු වටින් ඇවිදින්නට මල් පාරයි
සුවදම අරන් සුදු මැණිකට හිනැහෙන්නයි
ලස්සන කරන් පිපි තුරු වට මල් එන්නයි..
පෙම්බස් තියන් වල පැත්තට ඇවිදින්නයි
ලස්සන බලන් හිමිහිට නිති ලග ඉන්නයි
අත්වැල් බැදන් පන්සල් ගොස් නමදින්නයි
මැණිකට පෙමින් අකුරේ මා හැඩ වෙන්නයි..
0 comments:
Post a Comment