Saturday, February 1, 2014

හද ගැස්ම සැලෙනවා.. නුඹ නමම කියනවා..



තනිව තරුවක් සදවතිය අහිමිව
හඩනවලු දුර ඈත අහසක
පැතුම මිණිනම් බෝ කලක හිතැතිව
පතනවලු නැගි හෑම දවසක..

තබන රහසක් මියුලැසිය දෙව්දුව
ගන්නවලු කර කාර සන්තක
පිපෙන සතුටක් සිහිනයකි ලියු කව
උපන්නලු බෝ වාර ලෙස එක..

රජත වැස්සක් එකසේම පතිතව
වැටෙනවලු නුඹ ගාව සිහිනෙක
මහද ගැස්මත් සුදු මැණික කියනව
ලියන්නලු කවි තාල පදයක..

0 comments:

Post a Comment