Monday, February 17, 2014

ආදර ගග..



උස කදු මුදුනක
පුංචි දිය කඩිත්තක්
දොල පාරක් වෙලා
බාධක බිදගෙන
ගලාගෙන ගිහින්
හොදටම පැතිරිලා
''ගංගාව'' නම් වෙලා
අන්තිමට
මහ මුහුද හදනවා.. .. ..
මගෙ ආදරයත්
හරී පොඩියට
පටන් අරගෙන
ගලාගෙන ගලාගෙන ගිහින්
දැන්නම් මහ මුහුදටත්
වඩා පැතිරිලා..
පටන් ගන්න තැන ඉදලා
මහ මුහුදට
හැමදාම ගලනවා
අදත්
හෙටත්
හැමදාටමත්
ගලාගෙන යනවා.. .. ..
ඉතින් ආදර ගග බලන්න
කවදද එන්නෙ..
පටන් ගන්න තැන
හරිම ලස්සනයි
අතර මැද
ඊටත් වඩා ලස්සනයි
මහ මුහුද
ගොඩාරියක්ම ලස්සනයි..
ඉතින් එනවද දවසක
ලස්සන බලන්න
ලස්සන කරන්න..
ආවත් නාවත්
මේ ආදර ගග
හැමදාටම ගලාවි
හැමදාටම ගලාවි..
ඒත් සුදු මැණික ආවොතින්
කියාගන්න බැරි තරමට
ලස්සන වේවි
ඉවුරු දිගට
තව තව මල් පිපේවි
රටා තියාගෙන ගලාවි
දේදුනු අහසට යවාවි
පිණි බිංදු වලින්
මුතු මාල හදාවි..
ඉතින් එනවද දවසක
ඒ හැමදේම ගන්න..
ලගම නවතින්න..
හැමදාටම ඉන්න..
ඉතින් එන්න.. .. ..
අනේ එන්න.. .. ..
දවසකදි එන්න..
බලාගෙන ඉන්නවා..
මම බලාගෙන ඉන්නවා.. .. ..

0 comments:

Post a Comment