Friday, February 14, 2014

වැලන්ටයින්..



සදක් තරමට එලිය කර වට
ගගක් විලසට සෙනෙහෙ පිදුමට
ඉමක් නැතිවෙන සතුට ලබනට
කපක් මදි තැන දිනක් කුමකට..

මලක් සුවදින බෙදන නුඹ වට
හිතක් දුරහිද බලා හිදිනට
පෙමක් නිම් නැති ලියා තබනට
කපක් මදි තැන දිනක් කුමකට..

ලොවක් පරදින සුදුම මැණිකට
කවක් ලියවෙන මහද තනියට
වරක් නොව සිත සහස් සිඹිනට
කපක් මදි තැන දිනක් කුමකට.. 

0 comments:

Post a Comment