සිල්පර කොට මැදි කරලා
රේල් පීලි මග බලලා
ආසයි ලූ අප දෙදෙනා
හිස මත ගෙනියන්න..
කීවා මට එනවාදෝ අහල කියන්න.. ..
රොබ රෝසියා මල් පිපිලා
බිම වැටිලා සරසවලා
ආසයි ලූ අප දෙදෙනා
මල් මත සතපන්න..
කීවා මට එනවාදෝ අහල කියන්න.. ..
වැහි වැහැලා වැව පිරිලා
රැලි තියලා සියපත් පුරවා
ආසයි ලූ අප දෙදෙනා
ඔරුවක ගෙනියන්න..
කීවා මට එනවාදෝ අහල කියන්න.. ..
0 comments:
Post a Comment