Tuesday, December 31, 2013

අලුත් අවුරුදු දා.. .. ..

















මගේ සුදු මැණික..
      අද අපේ ජීවිතයට නම් නම් තවත් එක දවසක් විතරයි.. එහෙම නැත්නම් අපිට ජීවත් වෙන්න තියෙන පොඩි කාලයෙන් තවත් පැය විසි හතරක් ..

මොනව උනත් අද මට විශේෂ දවසක්.. ඒ මගෙ සුදු මැණිකට තවත් පැතුමක් එක් කරන්න පුලුවන් නිසා..

ඉතින් මගෙ සුදු මැණික,, දවස් 365 ක පලවෙනි දවස,, එහෙම නැත්නම් 2014 ජනවාරි මාසෙ පලවෙනි දවස හා අදින් ඇරඹෙන මේ මුලු අවුරුද්දම මගේ සුදු මැණිකට,,

      * හිත පිරුණු සියලු සිතුම් පැතුම් ඉටුවෙන..
      * සතුට,, සැනසුම,, සෙනෙහස උතුරා යන..
      * නිරෝගී සුවය රැදුන,, රෝග දුක් පීඩා කරදර නැති..
      * හැමෝගෙම ආදරය,, කරුණාව,, හිතවත්කම ලැබෙන..
      *කිරියෙන් ,, පැනියෙන් ඉතිරෙන
      * සාර්ථක වූත්..
      * සුවබර වූත්..
      * ලෙන්ගතු වූත්..
      * යහපත් වූත්..
      * ආදරණීය වූත්..
      * හැඩකාර වූත්..
      * සුන්දර වූත්..

ලස්සනම ලස්සන,, වාසනාවන්ත,, අලුත් අවුරුදු දිනයක් හා අලුත් අවුරුද්දක් වේවා.. .. ..

මේ අලුත් අවුරුද්දට මගෙ සුදු මැණිකට පුංචි තෑග්ගක්.. මං paint  කරපු  T-shirt  එකක්..  මගෙ සුදු මැණිකට තෑගි දෙන්න මං අරගෙන paint  කලා.. ලස්සන නම් නෑ.. ඒත් මගෙ සුදු මැණිකට දෙන්නයි හැදුවෙ.. ඉතින් ගන්න.. .. ..

මං ගොඩාක් ම ආදරෙයි.. මගෙ සුදු මැණිකට තෙරුවණ් සරණයි.. .. ..  

වසරක අන්තිමදා.. .. ..



වීය නම් මගෙන් කරදර
සමා උන මැනවි පෙම්බර
මෙමා පෙම් බදින සුන්දර
හිත ගත් ලන්දු නෙත්සර..

ලියා නැහැ ගොඩාක් විස්තර
මෙහේ අද දිනට හැඩකර
නුඹේ සුදු සුරත පින්බර
ඕනි මට දිනක පැහැසර..

පුරා සිත හිදිමි පෙම්කර
කරා තව අකුරු මින්සර
සොරා මම සොයමි රූබර
මගේ සුදු මැණික ආදර..

Sunday, December 29, 2013

නුඹයි මගේ සිතුවිල්ල.. .. ..



විල් දිය සොදුරුයි තඹරු වටින්
වෙරලම සොදුරුයි හැපෙන රලින්
අහසම සොදුරුයි නැගුනු සදෙන්
සිතුවිලි සොදුරුයි පිරුනු නුඹෙන්

Saturday, December 28, 2013

සුදු මැණිකට ලියමි.. .. ..



අරුණැල්ලේ හිරු අඹරට එනවා
පත් අස්සේ පිණි වියැකී යනවා
නුඹ සොදුරේ සිත් අඹරට එනවා
නෙතු අස්සේ පිණි වියැකී යනවා..

වසන්තයේ මල් පල හැඩ වෙනවා
දිගන්තයේ හිත් කුල්මත් වෙනවා
නුඹ මහදේ තව තව හැඩ වෙනවා
විසි හතර පැයේ සිත පිරිලා යනවා..

Tuesday, December 24, 2013

සොබාදම හා මම.. .. ..



වලාකුළක් සුදු ගැන්වූ පැහැය මදි කියා
මල් පෙත්තේ හමා ඇදුනු සුවද මදි කියා
මද පවනේ රැදී තිබුනු සිසිල මදි කියා
සොබාදහම සෙව්වා නුඹ ලොවක් පීරලා..

සේද රොදේ සුවය බෙදූ පහස මදි කියා
තුරු මත්තේ පිපී දිලුන කුසුම් මදි කියා
රෑ අහසේ සද සාවිය එළිය මදි කියා
සොබාදම සෙව්වා නුඹ ලොවක් පීරලා..

තුටු පිරෙනා මට දුලභා කුමරි මගෙ කියා
නෙතු දකිනා හැම දසුනේ නුඹ මගේ කියා
හිත පුරනා හැම හීනේ සිනහ මගෙ කියා
මං පතනා සුදු මැණික මගේ ජීවිතේ වෙලා .. 

Sunday, December 22, 2013

මගේ ආදරය.. ..



තනි හිත ඉන්දවා
තෙතමනය නිති තියා
පොහොර තරමට දමා
ඉනි වැට වට බන්දා
සැමදා ඇස් යොමා
පැලවී දලු ලනා
තුරු බලා හිදිනා
මගේ ආදරය.. .. ..

මා මියෙන තුරා - ලග හිදිමි සදා.. .. ..



මීදුම් සලුව පසෙකින්
රවි කුමරු එබෙනවිට
පෑල දොර සයුරින්
රප්ත හිරු ගිලෙනවිට
තරු පොකුරු අතරින්
සද එළිය දිලෙනවිට
දිවි ගගුල දවසින්
දවස තව ගලනවිට
මගේ හිත් අහසින්
ලග හිදිමි නුඹව වට
පෙම් බදිමි මනසින්
සුදු මැණික මා ලොවට..

Thursday, December 19, 2013

ගමට යමුද රත්තරන්.. .. ..



වැවක දියවර අරන්
ඇල ගලයි හඩ නගන්
මහ හඩින් ජබු ගහන්
පීනමු ද රත්තරන්..

පැල ගොයම් හිනාවෙන්
මද පවන ලග ඉදන්
වෙල් යායෙ සීතලෙන්
ඇවිදිමු ද රත්තරන්..

හිරු අවර ගියාදෙන්
කලුවරත් වැටිත්දෙන්
කමතක දි මැද ඉදන්
සද බලමු රත්තරන්.. 

Thursday, December 12, 2013

සිහිනේ අද .. .. ..



ලගින් හිදලා
අතින් අල්ලා
ඇගිලි සිඹලා
කතා හදලා
නුඹට කියලා
සිනහ මවලා
ඇවිද ගියදා

Wednesday, December 11, 2013

නුඹ.. .. ..



සිහින පිරිලා
සදකි මැවිලා
නෙතින් බැදලා
හිතම පුරවා
තවත් සෙව්
තව තවත් සෙව්
මගේ ප්‍රේමය.. ..
හැමදාට ලියලා
හිතම දීලා
දුරට වීලා
බලා ඉන්නා
තවත් කල්
තව තවත් කල්
මගේ ප්‍රේමය.. ..

Tuesday, December 10, 2013

හීනයක් උනාට.. මට මාගෙ ලග..



මුදු සුගන්ධයක් ගෙනා
පෙම් වසන්තයක් මවා
මහදේ සැතපෙනා
මගේ.. මනමාලියයි ඔයා 

Sunday, December 8, 2013

හීන සිතුවිලි.. .. ..



නුදුරු ඉසව්වේ
සිහින කොදෙව්වේ
තණ කොළ බිස්සේ
නුඹ මා තුරුලේ..
ඉගිලෙන සියොතුන්
මල් සෙව් සමනල්
ඈතක තුරු හිස්
මේඝ යි සුදුවන්..
රටාම ඇන්දා
ගී පද ගැයුවා
ආසිරි පැතුවා
සිහිනෙන් දුටුවා..

Friday, December 6, 2013

පැතුම.. .. ..



සුදු නීල නෙතු දකින්නයි
තරු හීන මල් නෙලන්නයි
ස්වර සිත පුරා වයන්නයි
නුඹ ලගින් රැදී හිදින්නයි..

මල් පෙති මතින් හමන්නයි
මද පවනෙ විත් වෙලෙන්නයි
මුදු සිහින සේ දැනෙන්නයි
නුඹ සුවද නිති විදින්නයි.. 

නිල් ගැබ පුරා ලියන්නයි
දේ දුන්නෙ පාවි යන්නයි
සුදු මේඝ මත නිදන්නයි
නුඹ කර කාර බදින්නයි..

Wednesday, December 4, 2013

ජීවිතය.. .. ..



සොදුරු සිතුවම් තනා
කවි ද පදවැල් ගොතා
සිහින දහසක් මවා
සොයන සදවත ඔයා..

අරුණ ඇරඹුම වෙලා
දවල් දවසත් තමා
රැයේ මතකේ නිසා
සොයන පණනල ඔයා.. 

හැගුම් පරිණත වෙලා
මියුරු රහසක් සොයා
හිදිමි දිවියම බලා
සොයන මධුවිත ඔයා.. 

Tuesday, December 3, 2013

හිදිමි බලා.. මා මියෙන තුරා..



සොදුරු ලියා
දුරක කියා
බලමි මෙමා
සිහින මවා..

රුවට පුරා 
නුවන් අරා
වශී වෙලා
සොයමි ඔයා..

මගෙම වෙලා
පිපෙයි කියා
හිදිමි බලා
මියෙන තුරා.. .. ..

Sunday, December 1, 2013

ගම් පියසේ සිහින මැවේ.. .. ..



හැන්දෑවට නුඹත් එක්ක 
යන්න තිබුණ නම්
වෙල් යායේ නියර දිගේ
යන්න තිබුණ නම්
පිණි වැස්සේ තෙමී සතුට
යන්න තිබුණ නම්
වැව් දියවර ඇලට උඩින් 
යන්න තිබුණ නම්
ඇවිද ඇවිද ඔහේ ඇවිද
යන්න තිබුණ නම්
අත් පටලා සිනාසෙමින් 
යන්න තිබුණ නම්
දෙවැට දිගේ අඩි පාරේ
යන්න තිබුණ නම්
මද සුළගේ සිසිල කපා
යන්න තිබුණ නම්
ආදර බස් මුමුණ හෙමින් 
යන්න තිබුණ නම්
සියොත් ඉගිලි අහස යටින්
යන්න තිබුණ නම්
දේදුන්නක් පෙනෙන දුරින්
යන්න තිබුණ නම්
ලස්සන සුදු මැණික සමග
යන්න තිබුණ නම්.. .. ..