Thursday, January 30, 2014

නිවාඩුවකට ගමේ ගිහින්ලූ.. .. ..



පාට පාටට හිම වැස්ස දකින්නට නැතිලු
ආර්ක්ටිකාවේ උතුරු හිම කදුත් දිය වෙයිලු
අව් රස්නෙ හිම වලහ තැවි තැවී හිදිනවලු
හිම කුමරි එන තුරා මග බලන් හඩනවලු.. .. ..

Wednesday, January 29, 2014

හීනයෙන් .. හිත ලගින් ..



තරු සමග හිනැහෙන්න
රාත්‍රිය එනු කුමට
නිල් අහසෙ ඉගිලෙන්න
පියාපත් ගනු කුමට
මල් වැස්සෙ තෙමී ඉන්න
වැහි වලාකුලු කුමට
හිනැහිලා රග දෙන්න
වෙණ සුසර කුමට
හැමදෙයට ලං වෙන්න
නුඹ පමණි මා සිතට.. .. ..

Tuesday, January 28, 2014

.. .. .. හසරැල්ල නුඹේ - මුතු ඇල්ල වගේ.. .. ..



සද දැල්ල වගේ
හස රැල්ල මැවේ
පව නැල්ල වගේ
සිත් ඇල්ල වටේ..

සුදු නිල්ල නෙතේ
දිලි සිල්ල පෙනේ
සිහි විල්ල හිතේ
සැන සිල්ල නැතේ..

පණ රැල්ල මගේ
අත ඉල්ල නුඹේ
ලිය විල්ල මෙසේ
පද ගොල්ල උනේ ..

Monday, January 27, 2014

අපි ගීතයක් නම්.. .. ..



අයනු ආයනු ලස්සනින් අඩුවෙමි
නමුදු පද පෙල ගොතා හිදිනෙමි
මිහිරි ස්වරයෝ විදිනු රිසියෙමි
වචන මාලය ප්‍රේම බදිනෙමි
තනුව එයිදැයි බලා හිදිනෙමි.. 

.. .. .. හසුන .. .. ..



ආදරය බෝ තබා
සුළං රොදක ඔතාලා
පා කරලා එව්වා
සුදු මැණික සොයාලා
හමුවේවි ඔයා හා
මද පවනේ සිනහා
කෙහෙරැල් පා කරලා
මගෙ ආදරය තියලා
පවසාවි කොදුරලා
මං ආදරෙයි කියාලා
නුඹ වට දැවටීලා
පවසාවි කොදුරලා
මං ආදරෙයි කියාලා..

Sunday, January 26, 2014

.. .. .. නුඹ පමණක්ම මට.. .. ..



ලියන්නට පෙම් සර ගීත
පිහින්නට නෙතු මත දෑත
සිටියෙ නුඹ පමණි මට
සිතට මා ලග මෑත..

පැතුම් බෝ තිබුනෙ නැත
සිතුම් නුඹ රැගෙන ඇත
ඉන්නෙ නුඹ පමණි මට
නෙතට මා දුර ඈත..

නුවන් හැරවුනත් රත
කැලුම් ඉගිලුනත් වත
හිදියි නුඹ පමණක්ම මට
හැරෙන තුරු ගත සීත.. 

Tuesday, January 21, 2014

අඹර පිරි තරු දුරින් - සද මඩල සිප අරන්



හිනැහෙන්න මල් අරන්
නැලැවෙන්න ගී කියන්
ලග ඉන්න පෙම් බැදන්
හිත දෙන්න රත්තරන්..

අඹර පිරි තරු දුරින්
සද මඩල සිප අරන්
හීනයක දුර ඉදන්
බලා ඉමි රත්තරන්.. 

Saturday, January 18, 2014

හීනයම දිගේ සරසවියේ.. ජීවිතය මගේ ආදරියේ..



නොපෙනෙන ලෙසින් මීදුම් කදු ඇද වැටුනයි
නැලැවෙන වෙසින් මහවැලියත් දිය දුන්නයි
සෙලවෙන නදින් හන්තානට මද පවනයි
ලියවෙන ලෙසින් සරසවියට රස තිබුනයි..

කඩොලන ලගින් ඒටිය පහලින් යන්නයි
ගල්කණු වටින් ඇවිදින්නට මල් පාරයි
සුවදම අරන් සුදු මැණිකට හිනැහෙන්නයි
ලස්සන කරන් පිපි තුරු වට මල් එන්නයි..

පෙම්බස් තියන් වල පැත්තට ඇවිදින්නයි
ලස්සන බලන් හිමිහිට නිති ලග ඉන්නයි
අත්වැල් බැදන් පන්සල් ගොස් නමදින්නයි
මැණිකට පෙමින් අකුරේ මා හැඩ වෙන්නයි..

Friday, January 17, 2014

තරු කැකුලියකට පෙම් බදිනා - හිත් අහසේ ඈ රුව දිලෙනා



සද පහන තරු සිඹිනා
පිණි වැටෙන පත් තෙමෙනා
මුදු සිසිල ගත වෙලෙනා
රෑ ගෙවෙන ලොව නිදනා.. ..

නෙතු පිපෙන රුව මැවෙනා
නුඹ සිහින හිත විදිනා
මට දැනෙන මගෙ සිනහා
සුදු මැණික හිත පිරෙනා.. ..

Wednesday, January 15, 2014

ආදරෙයි මං..



සන්සුන් දෑසේ වෙලීලා
මල්දම් සීනා යාවීලා
නින්දෙන් පෙම් බැදීලා
ඉන්නේ මං නම් පේවීලා.. .. ..

Sunday, January 12, 2014

දේදුන්නෙන් පාට අරන් - වලා පෙළම පාට කරන්.. .. ..



ආදරය මහා
නුබ ගැබට වඩා
හැමතැනම වෙලා
හිත් අහස පුරා..

දුර පෙනෙන වලා
හැම පාට කලා
සිහිනයක නිදා
ලග හිදිමි ඔයා..

පෙම්බරිය ඔයා
නන්දනිය සිනා
දෙව් රුවම සිතා
පෙම් බදිමි සදා.. 

Tuesday, January 7, 2014

සුදු මැණිකයි මා පැතුම.. .. ..



දෙනෙත් සෙව්වේ නුඹව විතරයි
ලොවක් මැව්වේ නුඹම ගැනමයි
පෙරුම් පිරුවේ නුඹේ වෙන්නයි
පෙමින් බැදිලා සිනහ වෙන්නයි..

කුසුම් පිපුනේ සුවද වෙන්නයි
සොදුරු සිහිනේ මැණික හින්දයි
දිවිය ලිව්වේ සොදුර එක්කයි
මියෙන තුරු මා ලගින් ඉන්නයි..

මුදුව සුරතේ පලන් දන්නයි
බලා ඉන්නේ කැටුව යන්නයි
අහිමි ලදුනේ මගේ වෙන්නයි
පැතුම මාගේ සැබෑ වෙන්නයි..

Friday, January 3, 2014

පින් කර නෑ මං - දකින්නට රන්



හැකිය ගනු ලොව රජකමත්
සිහසුන ත් හිස ඔටුන්න ත්
මතුදාක බෝ වෙහෙසුනොත්
නමුදු දෙනෙතට රුව නුඹත්

Wednesday, January 1, 2014

අලුත් අවුරුද්ද.. .. ..








නොහැකි විය වදන් පවසාලා
සිතක පෙම් හැගුම් හිරවීලා
නුඹට සුභ සදැස් ලියවීලා
කරමි මගෙ පැතුම් සරසාලා..

සෝක දුක් කදුලු දුරුවීලා
සෙනෙහෙ සැන සුමද තිරවීලා
නිබද නෙත මුවග සැරසීලා
මගේ සුදු මැණික හිනැහීලා..

සිනහ මල් කැකුලු ලංවීලා
සතුට හිත් පොඩියෙ ගුලිවීලා
සිතුම් පැතූ හනික ඉටුවීලා
නුඹට නව වසර හරියාලා..

ඉන්න සුදු මැණික තුටුවීලා
මගේ මුලු ලොවම නුඹ වීලා
නෙතට ගෙන හසර සිහිකරලා
දකිමි පෙම් සිහින තව මවලා..