පාලුවෙන්
හරි පාලුවෙන්
මහවැලිය
ගලාවී පාලුවෙන්..
පාලුවෙන්
හරි පාලුවෙන්
හන්තාන
හිදීවී පාලුවෙන්..
සෝ දුකින්
සෝ දුකින්
මා හද
වැලපේවී සෝ දුකින්..
සිහිනයට වැඩ ඉන්න
රණ හංසියේ
පෙම් ගීය සරසන්න
සදවත මගේ
නුඹ ලොවම මට අයිති
නෑ දෙව්ලියේ
පෙම් හීන විද ගන්නෙ
මං මේ ලෙසේ
මං ආදරෙයි කුමරියේ..
දිවි තෙක්ම
මං ආදරෙයි කුමරියේ..
හරි පාලුවෙන්
මහවැලිය
ගලාවී පාලුවෙන්..
පාලුවෙන්
හරි පාලුවෙන්
හන්තාන
හිදීවී පාලුවෙන්..
සෝ දුකින්
සෝ දුකින්
මා හද
වැලපේවී සෝ දුකින්..
සිහිනයට වැඩ ඉන්න
රණ හංසියේ
පෙම් ගීය සරසන්න
සදවත මගේ
නුඹ ලොවම මට අයිති
නෑ දෙව්ලියේ
පෙම් හීන විද ගන්නෙ
මං මේ ලෙසේ
මං ආදරෙයි කුමරියේ..
දිවි තෙක්ම
මං ආදරෙයි කුමරියේ..