Saturday, September 6, 2014

සිනහ සුවදයි බොහොම.. .. ..



රුව පබළු මුව අගට
බොහෝ ලස්සන ගෙනෙන
සිතන විට නුඹ ගැනම
දකිමි සිය දහස් වර..

කොපුල බර සිනහ රැල
මුව අගින ලස්සන නටන
විටෙක යුග නයනය කියන
සොඳුරු බව බැරි ලියන..

වැටුණු පිණි මල් සීත
පිපෙන පෙති මත රෝස
ලෙසින මා කොපුලේ පිපෙන
සිනහ සුවදයි බොහොම..

0 comments:

Post a Comment