Saturday, September 20, 2014

ගොම්මන බැදි වෙලාවේ.. .. ..



පුරා සදක් නුඹ පිපිලා
ලස්සන දුටු මනාපේ
පෙමා හැගුම් හිත ඉහිලා
සදවත මගෙ නුරාවේ
බලා පැතුම් පොදි පුරවා
ඉල්ලමි පෙම එදාසේ
වරා මලක් සඳ සොයනා
ගොම්මන බැදි වෙලාවේ.. .. ..

Wednesday, September 17, 2014

අමාවකයි නේ නුඹ නැති සිහිනේ..



සඳ කළුව පිරි දාට
සඳ නැතිවු එක දාට
කදෝ එළිය කුම කට
හිත පිරුණු දුක සෝක
දුර අඩති උල ලෙහෙනුවෝ..

සඳ කුමරි නා දොහට
අමාවක වු මේ සිතට
අන් සිහින දැක කුමට
හිත පිරුණු දුක සෝක
මම් හඩමි උල ලෙහෙනු සේ.. 

Friday, September 12, 2014

ජීවිතය මිපිට.. .. ..



සීත ගෙන රසට
දැනෙන සිතු විලිය
හීන ගෙන හිතට
රැදෙන මියු ලැසිය
ආල සිත ලගට
ගෙනෙන මුදු කවිය
ජීවි තය මිපිට
නුඹයි මගෙ මැණික.. 

Monday, September 8, 2014

කතර මම වෙමි හිදිමි බලා..



ඈත දුර යන වැස්ස වලා
ප්‍රේම වැහි සුව දුරම නිසා
බෝම කල් හිද සිටිමි බලා
කුමරි වැහි දිය ගැනම සිතා..

වියලි ලය මත තවත් පෙලා
නපුරු හිරු රැස නිතර ගියා
හදම සැන සෙන සිසිල තියා
කුමරි වැහි දිය එන්න හමා..

කටුක බිම් තල පිළිස් සෙනා
දවස දව සින් අවැසි වෙනා
දිවිය පණ නල නුඹම නිසා
කුමරි වැහි දිය එන්න බබා..

Saturday, September 6, 2014

සිනහ සුවදයි බොහොම.. .. ..



රුව පබළු මුව අගට
බොහෝ ලස්සන ගෙනෙන
සිතන විට නුඹ ගැනම
දකිමි සිය දහස් වර..

කොපුල බර සිනහ රැල
මුව අගින ලස්සන නටන
විටෙක යුග නයනය කියන
සොඳුරු බව බැරි ලියන..

වැටුණු පිණි මල් සීත
පිපෙන පෙති මත රෝස
ලෙසින මා කොපුලේ පිපෙන
සිනහ සුවදයි බොහොම..