Thursday, July 2, 2015

"රෝස මල"


















සේද සුවයන් රැදුන
සුමුදු මල් පෙති මතට
රෝස පැහැයන් වැටුණ
මැණික මා මල රෝස..

සත් විසිත් අවුරුද්ද
ගෙවුනි පිපී.. පිපිලාම
සුවද,, පැහැයන් මෙන්ම
ගියා යන යන තැනම..

මතුවටත් සැමකල්ම
සතුට,, සෙනෙහස ඉසිරි
ගිලී නිදුකින් පින්නෙ
පිපී හිනැහී ඉන්න..

දවසෙ අද උපන් දින
ආදරේ මල් වැසි එන්න
සැනසුම්ය සුළං රොදෙ
වෙලී පිපිලා ඉන්න..

සුභම සුභ උපන් දින
කියමි මාගේ සොඳුර
පතන හැම පැතුමක්ම
සැබෑ වේවා සඵල..

දිවි ගමන අරුත්බර
වී නිතර ''කුසුම් සඳ''
නුඹේ ලොව හැම දිනම
දිලේවා මතු මතුවටම..

ලස්සනම ලස්සන උපන් දිනයක් වේවා මගේ සුදු මැණිකට.. .. .. !! !! !!

Wednesday, May 20, 2015

ක්ෂිතිජයක් වත් තිබුනි නම්.. .. ..



සුසුම් හැරදා
හැගුම් ගෙතිලා
ක්ෂිතිජයේ හමුවෙන්න එනව ලු
සෙනෙහසේ පිපි 
මල් හාදු තියලා..

රිදුම් වියලා
දකිමි සඳ මා
අනේ ක්ෂිතිජයක් වත් තිබුනි නම්
ඉරක් වෙමි මා
සයුර නුඹ දා..

Sunday, April 26, 2015

මගේ ආදරය..



දකින්නට නැතිම නැති
ලියමනක් එන්නෙ නැති
අසන්නට වෙසෙන පැති
පෙනෙන්නට දෙවියො නැති..

කියන්නට කෙනෙක් නැති
කරන්නට දෙයක් නැති
සිතුවිලිත් සමග බැඳි
මතකයක් හඩන හැටි..

දමන්නට රුවන් බැමි
ඉල්ලුවේ වෙදන් ගිලි
පැලෙයි සිත දුකම එති
ආදරය මේ වෙන්න ඇති..

වහිනා නම් මෙහේ.. .. ..



දිය දහරා ඇදී
වැහි ආකහේ
හිද මෙහි ආවගේ
නුඹෙ ආ.. ආදරේ
වහිනා නම් මෙහේ
තෙමි තෙමිලා ඔහේ
මියැදෙමී සීතලේ.. 

Monday, April 13, 2015

..සොඳුරු අවුරුදු දිනයක් වේවා..

















උල්පත් සිතක නුඹ නැවතී ලන්දා
සිතුවිලි ගලන ආදර දිය හන්දා
හසරැල් වගාවට මහවැව් බන්දා
සුපැතුම් ගෙනෙමි ප්‍රේමය රන්දා..

රාශිය කුමන තැන වූවත් නතර
හිරුගේ ගමන කොහෙ වූවත් අවර
සැමදා එකම ලෙස නිදුකින් නිතර
පතමී සතුට සැනසුම් හැම දින අතර..

සෙනෙහස සතුට හැම දේ මල් වැසි සේමා
නිතරම ලැබෙයි සොඳුරේ අහසින් සේමා
හිනැහෙන සෙමින් පින්නේ පිපි මල් සේමා
සතුටින් තෙමෙන දිවියේ නුඹ හිනැහේවා..

මගේ සුදු මැණිකට,,
සතුට
සෙනෙහස
සැනසුම රැදුන..
නීරෝගී
සොඳුරු
සාර්ථක වූත්..
සිතුම්
පැතුම්
නිතින් ඉටුවන..
තෙරුවණ් සරණින්
හැඩකාර අවුරුදු දිනයක් වේවා.. .. .. 

Thursday, April 9, 2015

.. ත්‍රිමාන රූප ..



'' දිය ඇල් වගේ සිතුවිලි මගෙ ගෙතුනු පොදී
නොයිදුල් මුවේ පැලවෙයි මත දෙතොල් පෙතී
දෙකොපුල් මලේ මං මත ඔය රෝස පෙතී
මනමල් ලෙසේ ඇවිදින යුරු සොඳුරු වෙතී.. ''

Tuesday, February 24, 2015

කෙලෙසක නුඹ ලබනා



මිලැති දෙයක් විය නම්
ණයකින් මිලදී ගමිනා..
සැගව තැබිය හැකි නම්
සොරකම් හෝ කරනා..
කලට ලැබෙන වැසි නම්
මඟ බලමින් හිදිනා..
සොඳුරු,, අමිල,, නුඹ නම්
මා කෙලෙසක ලබනා..

Thursday, January 1, 2015

" HAPPY NEW YEAR මගේ සුදු මැණික.. "









දිය සිහිල්වන්
මත උපුල්වන්
දෑස් හිමි රන්
ආදරෙයි මං..
පතමි මෙලෙසින්
බොහෝ සෙනෙහෙන්
දිවි පුරා මං.. .. ..

පැතුම් සපිරෙන,,
හැගුම් සුවදෙන,,
නිදුක් සමගින,,
සුසුම් හිඟවෙන,,
සෙනෙහබර වූත්,,
සාර්ථක වූත්,,
හැඩකාර වූත්,,
නැවුම් වසරට
පතමි ආසිරි
මගේ මැණිකට.. .. ..