සිත පීදුන සිහිනෙක වල් වැදිලා
ඔය ලස්සන සිනහව නෙතු දැකලා
අහසෙම මල් පිපිලා
සුවදින් පෙති වැටිලා
ආදර වැස්සේ හිත තෙමුනා..
සිතුවිලි රහසේ රුව ඇදලා
හෙමිහිට පහසේ තුරුලු වෙලා
ලස්සන මතක් වෙලා
මැණිකට කවි ලියනා
ආදර වැස්සේ හිත තෙමෙනා..
මුව මද හාසය නෙතු බදිනා
කොපුලේ තොල් අග ස්වර රගනා
අන්සතු උව මෙදිනා
ලස්සන ගමි මතුදා
ආදර වැස්සේ හිත තෙමිලා..
0 comments:
Post a Comment