Saturday, June 7, 2014

නුඹ වැඩියම හිත් අහසට



දිලෙනා එලි රෑ තරු කැට
ගත්තේ නැහැ උපමාවට
සොදුරු එලිය පිරි දෙනෙතට
ආල බදිනවා..
නුඹ වැඩියම හිත් අහසට
දෙනෙත සිඹිනවා.. ..

තුහින මල් වහින අවටට
හිම කුමරි උපමා කුමකට
සිනහ මල බෝ අවිහිංසක
ආල බදිනවා..
නුඹ වැඩියම හිත් අහසට
දෙතොල සිඹිනවා.. ..

රැදුන දෙකොපුලම පුරාවට
රෝස මල් රුවන් සිනාවට
තුසිත දෙව් ලොවෙන් ගෙනාවට
ආල බදිනවා..
නුඹ වැඩියම හිත් අහසට
කොපුල සිඹිනවා.. ..

0 comments:

Post a Comment