Friday, April 25, 2014

එකම ගඟ වෙමි.. සයුර නුඹ සොයා ඇදෙමි.. .. ..



දොල පාරයි මා පෙර දවසා
මහ සයුරට නුඹ පෙම් බදිනා
හෙමිහිට හෙමිහිට කඳු මුදුනා
මත්තක හිදගෙන ඇද හැලුනා..

වසරෙන් වසරට මා ගැලුවා
සැඩ දිය ගෙනියන ඔය හැදුවා
සයුරේ ලස්සන හිත මැවෙනා
ගල් පර කඳු හෙල් මත ගැලුවා..

නයිල් දියට වැඩි දුර ගලලා
ප්‍රේමය නම් ගග දිය තැනුවා
නොනවත්වා මා පෙර ඇදෙනා
ආදර දිය පිරි ගග ගලනා..

ගං දිය මහ සයුරට හරවා
ලස්සන ලස්සන රළ හදලා
සයුරේ ගඟ ලෙස නම් වීලා
ඉන්නට මා එමි තව ගලලා..

මහ සයුරට මතු තුරුලු වෙනා
සිහින නිසා ගඟ තව පිරෙනා
සයුරු තෙරට වී ලඟ හිදිනා
දවසක් එනතුරු මා ගලනා.. 

0 comments:

Post a Comment