Sunday, April 26, 2015
Monday, April 13, 2015
Posts by : Admin
..සොඳුරු අවුරුදු දිනයක් වේවා..
උල්පත් සිතක නුඹ නැවතී ලන්දා
සිතුවිලි ගලන ආදර දිය හන්දා
හසරැල් වගාවට මහවැව් බන්දා
සුපැතුම් ගෙනෙමි ප්‍රේමය රන්දා..
රාශිය කුමන තැන වූවත් නතර
හිරුගේ ගමන කොහෙ වූවත් අවර
සැමදා එකම ලෙස නිදුකින් නිතර
පතමී සතුට සැනසුම් හැම දින අතර..
සෙනෙහස සතුට හැම දේ මල් වැසි සේමා
නිතරම ලැබෙයි සොඳුරේ අහසින් සේමා
හිනැහෙන සෙමින් පින්නේ පිපි මල් සේමා
සතුටින් තෙමෙන දිවියේ නුඹ හිනැහේවා..
මගේ සුදු මැණිකට,,
සතුට
සෙනෙහස
සැනසුම රැදුන..
නීරෝගී
සොඳුරු
සාර්ථක වූත්..
සිතුම්
පැතුම්
නිතින් ඉටුවන..
තෙරුවණ් සරණින්
හැඩකාර අවුරුදු දිනයක් වේවා.. .. ..
Thursday, April 9, 2015
Subscribe to:
Posts (Atom)