දෙනෙතට සුවය පැන්තොට වියලී ගොස්නේ
සිතුවිලි රැගුම එම ඉඩ වරයත් ගන්නේ
පෙරදින රැයම ලෙස යලි දකිනට මත්තේ
සිහිනෙට නැගුම විය තව ඉතිරිව ඇත්තේ..
සඳ තරු දකින සාවෙකු ලෙස මහ පොළවේ
පෙම්බැදි සිත සතුට වින්දේ බෝ දුර හිදනේ
හිරිහැර මද සුළගෙ නැහැ තියලා එව්වේ
කුමරිය කිමද සිර කෙරුවේ ඇස් මාගේ..
ලස්සන වැඩි නිසා දෝ දුර ඈතක ඉන්නේ
දිවැසින් නැති නිසා නේ තව දකිනට නැත්තේ
පුරහද රැය වෙලා හෝ සිතිවිල්ලට එන්නේ
සිත්ගැබ එම නිසා නේ මේ නාඩා ඉන්නේ..
0 comments:
Post a Comment