Friday, August 29, 2014

මුඩු බිම..



සරත්,, ග්‍රීස්ම,, ශීත,,
කියල වෙනසක් නැතිව
සිතුවිලි ලඟ
වසන්තය මවන නුඹ..
නෙතු ලඟ නම්
කිසිදා වැහි නොවැටුන
හීනයක්ම විතරයි.. .. ..
ඉතින් එනවාද අස්වද්දවන්න
දවසක මේ මුඩු බිම
සීතල වැහි අරගෙන.. .. ..

Saturday, August 16, 2014

පුරහද..



දෙනෙතට සුවය පැන්තොට වියලී ගොස්නේ
සිතුවිලි රැගුම එම ඉඩ වරයත් ගන්නේ
පෙරදින රැයම ලෙස යලි දකිනට මත්තේ
සිහිනෙට නැගුම විය තව ඉතිරිව ඇත්තේ..

සඳ තරු දකින සාවෙකු ලෙස මහ පොළවේ
පෙම්බැදි සිත සතුට වින්දේ බෝ දුර හිදනේ
හිරිහැර මද සුළගෙ නැහැ තියලා එව්වේ
කුමරිය කිමද සිර කෙරුවේ ඇස් මාගේ..

ලස්සන වැඩි නිසා දෝ දුර ඈතක ඉන්නේ
දිවැසින් නැති නිසා නේ තව දකිනට නැත්තේ
පුරහද රැය වෙලා හෝ සිතිවිල්ලට එන්නේ
සිත්ගැබ එම නිසා නේ මේ නාඩා ඉන්නේ..