Saturday, September 28, 2013

පරසතු මදාරා දුටු නුඹ.. .. ..

සද වතිය,, සද මඩල
උපමා සරල
නුඹ වතට නෙතු සොයන 
නොම වේය සම..

මුතු පබළු,, නීල මිණි
උපමා සරල
නෙතු යුගට නෙතු සොයන
නොම වේය සම..

රතු රෝස,, සියක් පෙති
උපමා සරල
තොල් පෙතිය නෙතු සොයන
නොම වේය සම..

සුර අගන,, දෙව් ලියද
උපමා සරල
සුදු මැණික නෙතු සොයන
නොම වේය සම.. .. ..


5 comments:

වෙද සිතක සිත්තම said...

එහෙනම් කාටද උපමා කරන්න පුලුවන් කියලත් දැම්මනම් හොදයි නේද..? :-)

Unknown said...

කාටවත් ම බැරි නිසානෙ එහෙම ලිව්වෙ..

Unknown said...

thanx..

වෙද සිතක සිත්තම said...

අපි දන්නවෝ මෙකනම් ලස්සනයි මචෝ. එකයි එහෙම අහුවේ.

Unknown said...

ස්තූති වේවා..

Post a Comment