Sunday, September 29, 2013

සොදුරු නුඹ මගෙ නම්.. .. ..

නුඹ මලක් වේ නම්
ලගට වී ඉන්නම්
බලා රූ පැහැපත්
මා නෙතූ සුවපත්
තටු සිදී දුප්පත්
සමනලෙකු වෙන්නම්.. ..

නුඹ සයුර වේ නම්
අත දුරින් ඉන්නම්
රළ බිදී රගදෙත්
හැල හැපී නැවතත්
හිනාවී නෙතුපත්
වෙරල මම වෙන්නම්.. ..

නුඹ වැස්ස වේ නම්
දුරට වී ඉන්නම්
ගලාවී මුසපත්
කර මගේ ලයපත්
මැවී තුරු කොලපත්
මම පොලව වෙන්නම්.. ..

0 comments:

Post a Comment