Friday, April 13, 2018

•• මගෙ අවුරුද්ද නුඔ ලදේ••

රැයක් දවාලක් නැතිවම
වෙලා කටු කැරකී මහළුව
සොලොස් අඩ වසක් ගෙවුනට
මගෙ අවුරුද්ද නුඔ ලදේ..
නොලබපු අවුරුද්ද නුඔ මගේ..

නොනගතේ හිතට වී බවුන් වැඩුවට
වැඩ අල්ලලා කවි පදත් ලිව්වට
හීන මතුරාපු තෙලුත් හිස ගෑවට
මගෙ අවුරුද්ද නුඔ ලදේ..
නොලබපු අවුරුද්ද නුඔ මගේ..

නැකැත් හැම වෙලාවන් සුභ කර
කොකිස් මුං අලුවාද හැදුමට
දැන්වත් ඇවිත් නවතින්න සදහට
මගෙ අවුරුද්ද නුඔ ලදේ..
නොලබපු අවුරුද්ද නුඔ මගේ..

•• •• සුදු මැණිකට ආදරෙන් •• ••