සේපාලිකා රැයක ලෙසම
නොපෙනුනාට සුවද වටම
සුලඟ හොරෙන් ගෙනත් මටම
තියා තිබෙනවා..
මං රහසේ ඔය සුවදට
ආල බදිනවා.. ..
හිරු දවසේ අරුණැල්ලෙම
සුදු මැණිකම පිබිදුනාම
කුරුළු මුවින් ගී ලෙසින්ම
කියා හිදිනවා..
මං රහසේ මැණික ගැනම
සිහින දකිනවා.. ..
දුර ඈතක සුදු මැණිකම
මල් විලසට හිනැහුනාම
සමනල්ලුන් ලස්සන හැම
මටම ගෙනෙනවා..
මං රහසේ ලස්සන හැම
මගේ කියනවා.. ..