Saturday, November 30, 2013

සිනා මලක් රන්.. .. ..



සුදු මැණික පාට පාට සිනා මලක් රන්
හිත ගාව නැවතීල ගේන හීන මල්
නෙත ගාව නැවතීල ඉන්න එනව නම්
සුදූ පාට පාට පාට පිපෙයි මටත් මල්

Friday, November 29, 2013

තනුව වෙලා එන්න



හීන මවා
පාට කරමි
හිත ලියලා දුන්න..
සමනලියේ 
ප්‍රේම කරමි
සතුට මගේ වෙන්න..

ජීවිතයේ
පද ගලපමි
තනුව වෙලා එන්න..
ආදරියේ
නුඹට ලියමි
හුස්මත් අරගන්න..

Thursday, November 28, 2013

පාට කරමි මගේ හීන



සද පානේ
තරු අහසේ
පිණි බිංදු ගලා හැලේ..
හිත් මානේ
නුඹ පෑවේ
සිහිනෙන් මදහාසේ..

හිත දෙන්න සදවතිය
අත රැගෙන හිනැහෙන්න
ජීවිතයෙ 
දිගු ගමන
නුඹ හා ලගින්..
පෙම් කරමි
සුදු මැණික
නුඹ හා සිතින්.. 

Wednesday, November 27, 2013

සිහිනේ මං .. .. ..


දවසක් දා
අත් පටලා
හවසක
පිය මනිනා..
පොඩි කුඩයේ
මල් වැස්සේ
තුරුලේ
හිනැහෙමිනා..
සිහිනේ
මා ලදුනේ
මෙලෙසේ
පෙම් බදිනා..